රන් මාවත්

2019-11-01 | News

රන් මාවත්

“රන් මාවත්” යනු මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්වි‍යාංශය විසින් අළුතින් ක්‍රියාත්මක කරන ලද දැවැන්ත ව්‍යාපෘතියකි. ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, මාර්ග කාපට් කිරීම, “මාර්ග සතියේ වැඩසටහන”, ආගමික ස්ථානවලට ඇති පිවිසුම් මාර්ග සංවර්ධනය කිරීම සහ ග්රා මීය පාලම් ඉදිකිරීම වැනි විවිධ කාණ්ඩ 5 ක් යටතේ සංවර්ධනය කිරීම පිණිස දිවයින පුරා පවතින මාර්ග තෝරා ගනු ලැබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුළු අයවැය ප්‍රතිපාදනය රුපියල් බිලියන 16 ක් පමණ වේ. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වනුයේ ග්‍රාමීය ප්‍රජාවේ මාර්ග ජාල වැඩිදියුණු කිරීම තුළින් ඔවුන්ගේ දෛනික ජීවන ප්‍රමිතීන් ඉහළ නැංවීම, සංවර්ධන වැඩසටහන් තුළින් වැඩි රැකියා අවස්ථා ලබා දීම සහ ජනතාව අතර මහජන සම්බන්ධතා වැඩි දියුණු කිරීමයි. එක් රටක වෙසෙන විවිධ ජාතීන් සහ ආගම් වලට අයත් ජනතාවගේ සහජීවනය වැඩි දියුණු කරමින් මිනිසුන්ගේ හදවත් රන් මාවත් මගින් සම්බන්ධ කළ හැකි වනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.