පිටත වටරවුම් අධිවේගී මාර්ගය - අදියර 3

2019-11-01 | News

පිටත වටරවුම් අධිවේගී මාර්ගය - අදියර 3

මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්යාංබශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කොළඹ සහ තදාසන්න ප්රිදේශවල පවතින අධික රථවාහන තදබදයට පිළියම් වශයෙන් නිර්මාණය කල අධිවේගී මාර්ග පද්ධතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතී. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුව හා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සම්බන්ධ කරන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ තුන්වන අදියරෙහි ඉදිකිරීම් කටයුතු ද දැන් අවසන් වෙමින් පවතී. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටියේ ඉදිකරන නව අන්තර් හුවමාරුව, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුම් ස්ථානය එකිනෙකට සම්බන්ධ කරයි. කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත - කෙරවලපිටිය කොටසේ දිග කි.මී. 9.63 කි.

Photos