Ministry of Higher Education & Highways

Tamil (Sri Lanka)English (United Kingdom)
  • Increase font size
  • Default font size
  • Decrease font size
ඔබ මෙතනයි:  මුල් පිටුව පුවත් කුටිය
පුවත් කුටිය

උතුරු නැගෙනහිර පළාත්වල මාර්ග කි.මී. 1500 ක් කාපට් කිරීමට පියවර

යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව සිට මරුතන්කර්නි මාර්ගයේ සංවර්ධන කටයුතු නිල වශයෙන් 2016 අගෝස්තු මස 17 වන දින ආරම්භ කරන ලදී.

අවසන් යාවත්කාලීන කිරීම 2016 සැප්තැම්බර් 01 වෙනි බ්‍රහස්පතින්දා, 06:25
 
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ, iv වන අදියරේ (කුරුණෑගල - දඹුල්ල) ව්‍යාපෘති කාර්යාලය විවෘත කෙරේ

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ගොකරැල්ලේ ස්ථාපිත කරන ලද නව ව්‍යාපෘති කාර්යාලය සේවා කටයුතු සඳහා නිල වශයෙන් ව්වෘත කිරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ, iv වන අදියරේ (කුරුණෑගල - දඹුල්ල) කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම මෙම කාර්යාලය ව්වෘත කිරීමේ අරමුණයි. වසර 3ක් තුල මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් නිම කිරීම සඳහා අවශ්‍ය පරිපාලන කටයුතු සම්බන්ධීකරණය ඇතුළු සේවාවන් රැසක්  මෙම කාර්යාලය මගින් ඉටු කෙරෙනු ඇත.

නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් චමින්ද්‍රාණි කිරිඅැල්ල මැතිණිය, හිරියාල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් මංජුල යාපා මැතිතුමා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අවසන් යාවත්කාලීන කිරීම 2016 අගෝස්තු 19 වෙනි සිකුරාදා, 05:47
 
පොළොන්නරුව දිස්ත්‍රික්කය ආවරණය කරමින් මාර්ග 55 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට පියවර

නව රජයේ සංවර්ධන වැඩපිළිවෙල යටතේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීමෙන්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ උපදෙස් යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක එ්කාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (i Road) අදියර 1 ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කය ආවරණය කරමින් මාර්ග 55 ක් (කි.මී.170 ක්) කාපට් යොදා සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016 ජූලි මස 31 වන දින පොළොන්නරුව, ලංකාපුර, වීරපුර හංදියේදී උත්සවාකාරයෙන් ආරම්භ විණි.

  • ග්‍රාමීය මාර්ග - 55
  • සම්පූර්ණ දුර ප්‍රමාණය - කි.මී. 170
  • ආයෝජනය - රු. මිලියන 3890

අවසන් යාවත්කාලීන කිරීම 2016 අගෝස්තු 18 වෙනි බ්‍රහස්පතින්දා, 09:21
 
අවසන් යාවත්කාලීන කිරීම 2016 අගෝස්තු 05 වෙනි සිකුරාදා, 06:08
 
JPAGE_CURRENT_OF_TOTAL

නැවුම් පුවත්

left direction
right direction