Ministry of Highways & Road Development

Tamil (Sri Lanka)English (United Kingdom)
  • Increase font size
  • Default font size
  • Decrease font size
ඔබ මෙතනයි:  මුල් පිටුව සේවාවන් ඉඩම් අත්කර ගැනීම

මාර්ග සංවර්ධනය සඳහා ඉඩම් අත්පත් කරගැනීම

ඉඩම් අත්පත් කරගැනීම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල මූලික කාර්ය භාරයකි. විධිමත් මහාමාර්ග ජාලයක් විශේෂයෙන් පවත්නා මාර්ග පුළුල් කිරීම සහ මාර්ග, මහාමාර්ග සහ අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා මාර්ගය දෙපස ඇති පුද්ගලික ඉඩම් අත්පත් කරගත යුතුව ඇත. මහාමාර්ග සංවර්ධනය කිරීම දිවයිනේ සංවර්ධනය සඳහා ඉමහත් දායකත්වයක් සපයයි.

1950 අංක 09 දරණ ඉඩම් අත්පත් කරගැනීමේ පනත අනුව මහාමාර්ග අමාත්‍යාංශය විසින් ඉඩම් අත්පත් කරගනු ලබන අතර, එය දිවයිනේ සංවර්ධනයෙහි වැදගත් කර්තව්‍යයකි.

මාර්ග සංවර්ධනය සඳහා ප්‍රමාදයකින් තොරව ඉඩම් අත්පත් කරගැනීම සඳහා මහජනතාවගේ උපරිම සහාය ලබාගැනීම අපගේ අරමුණයි.  අත්පත් කරගත් ඉඩම් සඳහා සාධාරණ වන්දි මුදලක් ප්‍රදානය කිරීම මගින් පුද්ගලයන්ට සිදුවන හානිය අවම කිරීම මෙහි ප්‍රධාන කාර්යයකි.

තම දේපල සඳහා ගෙවනු ලැබූ වන්දි මුදල ප්‍රමාණවත් නොවේයැයි හැගෙන පුද්ගලයන්හට ලාර්ක් සහ සුපර් ලාර්ක් කමිටු වෙත අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා රජය විසින් අවස්ථාව ලබාදී ඇත. ඉඩම් හිමියන්ට වන්දි ගෙවීමේදී අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ව්‍යාපෘති කාර්යාල එක්ව කටයුතු කරනු ලැබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 06 වෙනි අඟහරුවාදා, 07:23  

නැවුම් පුවත්