Ministry of Higher Education & Highways

Tamil (Sri Lanka)English (United Kingdom)
  • Increase font size
  • Default font size
  • Decrease font size
ඔබ මෙතනයි:  මුල් පිටුව පුවත් සිරස්තල මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ, iv වන අදියරේ (කුරුණෑගල - දඹුල්ල) ව්‍යාපෘති කාර්යාලය විවෘත කෙරේ

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ, iv වන අදියරේ (කුරුණෑගල - දඹුල්ල) ව්‍යාපෘති කාර්යාලය විවෘත කෙරේ

 

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ගොකරැල්ලේ ස්ථාපිත කරන ලද නව ව්‍යාපෘති කාර්යාලය සේවා කටයුතු සඳහා නිල වශයෙන් ව්වෘත කිරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ, iv වන අදියරේ (කුරුණෑගල - දඹුල්ල) කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම මෙම කාර්යාලය ව්වෘත කිරීමේ අරමුණයි. වසර 3ක් තුල මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් නිම කිරීම සඳහා අවශ්‍ය පරිපාලන කටයුතු සම්බන්ධීකරණය ඇතුළු සේවාවන් රැසක්  මෙම කාර්යාලය මගින් ඉටු කෙරෙනු ඇත.

නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් චමින්ද්‍රාණි කිරිඅැල්ල මැතිණිය, හිරියාල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් මංජුල යාපා මැතිතුමා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



 

නැවුම් පුවත්

left direction
right direction