Ministry of Higher Education & Highways

Tamil (Sri Lanka)English (United Kingdom)
  • Increase font size
  • Default font size
  • Decrease font size
ඔබ මෙතනයි:  මුල් පිටුව ව්‍යාපෘති ජාතික මහාමාර්ග මැතකදී අවසන් කළ ව්‍යාපෘති

මෑතකදී නිම කරන ලද ව්‍යාපෘති

 

උතුරු මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය

උතුරු පළාතේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා චීන ආනයන අපනයන බැංකුවේ (EXIM) ආධාර යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු 2010 වසරේදී ආරම්භ කරන ලද අතර 2015 වර්ෂය වන විටදී ව්‍යාපෘතියයේ කටයුතු අවසන් කොට ඇත. මෙම ව්‍යාපෘතිය උතුරු පළාතේ යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව, ත්‍රිකුණාමලය  හා උතුරු මැද පළාතේ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල  ක්‍රියාත්මක විය

 

ජාතික මහාමාර්ග ආංශික ව්‍යාපෘතිය

ජාතික මහාමාර්ග ආශික ව්‍යාපෘතිය යටතේ මාර්ග කි.මී.346.5 ක් වැඩිදියුණු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ සිදු කරන ලදී.මෙම ව්‍යාපෘතියට පහත මාර්ග කොටස් සහ මහමාර්ග මහලේකම් කාර්යාලය ( මගනැගුම මහමැදුර) ඉදිකිරීම ඇතුලත් වූ අතර එම සියලුම මාර්ග කොටස් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 2015 වර්ෂය වන විට අවසන් කරන ලදී.

  • හබරණ - කන්තලේ          (කි.මී. 44)
  • උඩතැන්න - මහියංගණය  (කි.මී. 41)
  • පුත්තලම - අනුරාධපුර       (කි.මී. 83)
  • නුවරඑළිය - බදුල්ල           (කි.මී. 55)

තවද නුගේගොඩ සිට හෝමාගම දක්වා (කි.මී. 14.1) මාර්ග කොටස වැඩිදියුණු කිරීම ආසියානු සංවර්ධන බැංකුවේ සහ ඔපෙක් සංවිධානයේ සම අරමුදල් සැපයීම යටතේ සිදු කරනු ලැබිණි

 

පාදෙනිය - අනුරාධපුර මාර්ගය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය

කොරියානු රජය විසින් ආරථික සංවර්ධන සහයෝගිතා අරමුදල යටතේ පාදෙනිය - අනුරාධපුර මාර්ගය (A 28) ප්‍රතිසංස්කරණය කොට 2013.04.08 වන දින මහජනතාව සඳහා විවෘත කරන ලදී.

 

හැටන් - නුවරඑළිය (ඒ 007) මාර්ගය ප්‍රතිසංකස්රණ ව්‍යාපෘතිය

හැටන් - නුවරඑළිය (ඒ 007) මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කොරියානු රජයේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල යටතේ (EDCF) 2011 දෙසැම්බර් මාසයේ දී  ආරම්භ කළ අතර 2015 වර්ෂයේදී එහි ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී.

 

උතුරු මාර්ග සබඳතා ව්‍යාපෘතිය

උතුරු මැද පළාතේ සහ උතුරු පළාතේ මාර්ග කි.මී. 170 ක් ප්‍රතිසංස්කරණය කිරීම මෙම ව්‍යාපෘතිය යටතට ඇතුලත් වූ අතර ආසියානු සංවර්ධන බැංකුව විසින් මේ සඳහා ණය අරමුදල් සපයන ලදී. 2015 වර්ෂය අවසාන වන විට මෙහි ඉදිකිරීම් වැඩ කටයුතු අවසන් කර ඇත.

 

ප්‍රමුඛතා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය-I (PRP-I)

මෙම ව්‍යාපෘතිය යටතේ මාතර, ගාල්ල, රත්නපුර, මඩකලපුව, හම්බන්තොට, මුලතිව්, කිලිනොච්චි, බදුල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල හඳුනාගත් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා චීන සංවර්ධන බැංකුව මූල්‍යාධාර සැපයූ අතර මාර්ග කි.මී. 179 ක් ප්‍රතිසංස්කරණය හා ගුවන් පාලමක් ඉදිකිරීම මෙම ව්‍යාපෘතියට අයත් විය.ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල 2014 වර්ෂයේදී අවසන් කර ඇත.

 

ප්‍රමුඛතා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය-II (PRP-II)

මෙම ව්‍යාපෘතිය සඳහා චීන සංවර්ධන බැංකුව විසින් ණය මුදල් සපයන ලද අතර මෙහි උතුරු හා දකුණු අදියර ලෙස අදියර දෙකක් නුවර, බදුල්ල, අනුරාධපුර, කුරුණෑගල, ගම්පහ, නුවරඑළිය, අම්පාර, කෑගල්ල, පොළොන්නරුව, පුත්තලම, මාතර, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපෘතිය 2011 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර 2015 වර්ෂයේ අවසාන වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කොට ඇත

 

මාර්ග අංශ සහායක ව්‍යාපෘතිය (අදියර – II)

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ලෝක බැංකු ආධාර යටතේ කන්තලේ - ත්‍රිකුණාමලය මාර්ග කොටස (කි.මී. 43.0), රත්මලාන - පානදුර (නල්ලුරුව) මාර්ග කොටස (කි.මී. 17.0) හා පෑලියගොඩ - ජාඇල මාර්ග කොටස (කි.මී. 17.7) ප්‍රතිසංස්කරණය කොට 2015 වර්ෂය අවසානය වන විට සම්පූර්ණ කොට ඇත

 

ජාතික මහාමාර්ග ආංශික ව්‍යාපෘතිය - අතිරේක ණය

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සම්බන්ධිත යෝජිත හඳුනාගනු ලැබූ මාර්ග කොටස්වල ප්‍රතිසංස්කරණ කටයුතු මේ යටතේ සිදු කරනු ලැබූ අතර එම මාර්ග කොටස්වල සම්පූර්ණ දිග කි.මී. 58.4 කි. මෙම ව්‍යාපෘතිය 2012 පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන ලද අතර මේ වන විට ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කොට ඇත.

 

දිළිඳු හිතකාමී නැගෙනහිර යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය

මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ අක්කරපත්තු - මඩකලපුව මාර්ගයේ කි.මී. 63 ක් සහ මඩකලපුව - ත්‍රිකුණාමලය මාර්ගයේ කි.මී. 36 ක් වැඩිදියුණු කිරීම ද ඇතුළත්ව නව කල්ලඩි පාලම ඉදිකිරීම ක්‍රියාත්මක කිරීමයි. මෙම ව්‍යාපෘතිය සඳහා  ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ණය මුදල්  සපයන ලදී. නැගෙනහිර පළාත ඇතුළත සහ එය වෙත ප්‍රවේශ සබඳතා වැඩිදියුණු කිරීම මඟින් ආර්ථික වර්ධනය වැඩිදියුණු කිරීමත් එමඟින් ප්‍රජා සංවර්ධනය සහ දූගී භාවය දුරලීම සඳහා ප්‍රයත්න දැරීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. මාර්ග ඉදිකිරීම් වැඩ 2011 වර්ෂයේ දී නිම කරනලද අතර කල්ලඩි පාලම ඉදිකර 2013 මාර්තු මාසයේ දී මහජනතාව සඳහා විවෘත කරන ලදී.

 

ගැටුම් මඟින් බලපෑමට පත් කලාප හදිසි ව්‍යාපෘතිය

මෙම ව්‍යාපෘතිය යටතේ මාන්කුලම් සිට වෙල්ලන්කුලම් දක්වා මාර්ගය (කි.මී. 37.8) සහ පරන්තන් සිට පුනරින් දක්වා මාර්ගය (කි.මී. 25.7) පුනරුත්ථාපනය කරන ලදී.

 

නැගෙනහිර පළාතේ පාලම් පහක් නැවත ඉදිකිරීම

නැගෙනහිර පළාතේ සමාජ ආර්ථික ක්‍රියාකාරකම් ස්ථාවර සහ වැඩිදියුණු කිරීම සහ එමගින් එම පළාතේ සංවර්ධනය කඩිනම් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය විසින් දායකත්වය සපයනු ලැබිණි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ප්‍රදානයක් යටතේ නැගෙනහිර පළාතේ ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඒ 005 සහ ඒ 015 යන මාර්ගයන්හි පිහිටි පාලම් පහක් නැවත ඉදිකරන ලදී. 2011 අප්‍රේල් මාසයේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2013 වර්ෂයේදී නිමකොට ජනතා අයිතියට පත් කරන ලදී

 

මඩකලපුව කලපුව හරහා මන්මුනේයි පාලම ඉදිකිරීම

මෙම ව්‍යාපෘතිය යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මීටර් 210 ක් දිගැති කොන්ක්‍රීට් පාලමක් සහ කලපුවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශයන්හි පිළිවෙලින් මීටර් 195ක් සහ මීටර් 292.8 ක් දිගැති සපත්තු පාලම් දෙකක් ඉදිකරන ලදී. මන්මුනේයි පාලමෙහි ඉදිකිරීම් වැඩ 2012 ජුනි මාසයේදී ආරම්භ කරන ලද අතර 2014 වර්ෂයේදී නිම කරන ලදී.

 
බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය

ව්‍යාපෘතියේ නම

බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය

ව්‍යාපෘතියේ විස්තර

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය 2007 සැප්තැම්බර් 20 වන දින  යකඩ පාලම් නිර්මාණය කිරීම සදහා සංයුක්ත කරන ලද උපාංග කොටස් නිර්මාණය කිරීම, නිෂ්පාදනය කිරීම සහ සම්පාදනය සදහා “Mabey and Johnson Limited“ නම්වූ බ්‍රිතාන්‍ය සමාගම සමඟ කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹුනේය.

මේ යටතේ අමාත්‍යාංශය මගින් දීප ව්‍යාප්තව හඳුනාගත් පාලම් 136 ක් ද, ගුවන් පාලම් 05 ක්ද ඉඳිකිරීමට නියමිත වූ අතර පාලම් සැලකිය යුතු ප්‍රමාණයක් ද, ගුවන් පාලම් 05 ද මේ වන විට නිම කර ජනතා අයිතියට පත් කර ඇත.

මූල්‍යාධාර

බ්‍රිතාන්‍ය HSBC බැංකුව සහ දේශීය අරමුදල්

වර්තමාන තත්වය

නිමකරන ලද ව්‍යාපෘති

ගුවන් පාලම්
අංකය ව්‍යාපෘතිය පළල පාලමෙහි දිග (මීටර්) ව්‍යාපෘති කාළය (මාස)
01.
සංගුපිට්ටි ගුවන් පාලම
2 මංතීරු 288 m 12 මාස
02. නුගේගොඩ ගුවන් පාලම 2 මංතීරු 261 m 3 මාස
03. දෙහිවල ගුවන් පාලම 2 මංතීරු 337 m 2 මාස
04. කැළණිය ගුවන් පාලම 01 2 මංතීරු 325 m 2 මාස
05. කැළණිය ගුවන් පාලම 02 3 මංතීරු 325 m 4 මාස
ගුවන් පාලම් වලට අමතරව ව්‍යාපෘති අධීක්ෂණ අංශයෙන් පරිබාහිරව  ක්‍රියාත්මක ව්‍යාපෘති  ලෙස පාලම් 90 ක් පමණද, ව්‍යාපෘති අධීක්ෂණ අංශය යටතේ පාලම් 33 ක් පමණද නිමකර ජනතා අයිතියට පත්කර ඇත.

ප්‍රතිලාභ

ප්‍රධාන මාර්ග මෙන්ම ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම මගින් සමස්ථ ජනතාව වෙත මෙහි ප්‍රථිලාභ බුක්තිවිදීමට හැක.

ඕස්ට්‍රියානු ආධාර යටතේ ඉදිකෙරුණු යකඩ පාලම් 05 ව්‍යාපෘතිය

ව්‍යාපෘතියේ නම

ඕස්ට්‍රියානු ආධාර යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉදිකෙරුණු යකඩ පාලම් 05 ව්‍යාපෘතිය

ව්‍යාපෘතියේ විස්තර

දිග පළල
හිරණ පාලම දිග 125m පළල 10.5m
මෝල්කාව පාලම දිග 110m පළල 10.5m
වෙරළුගස්තොටුපල පාලම දිග 70m පළල 10.5m
ලත්පඳුර 10/2 පාලම දිග 25m පළල 10.5m
ලත්පඳුර 4/5 පාලම දිග 35m පළල 10.5m



මූල්‍යාධාර

ඕස්ට්‍රියානු රජ‍යෙන් හා ශ්‍රී ලංකා ජනරජ‍යෙන් (යූ‍පරෝ මිලියන 10.55)

ව්‍යාපෘතිය ආරම්භ කළ දිනය හා අවසන් කළ දිනයන්

පාලම් ව්‍යුහ නිර්මාණ සැලසුම් සැකසීම හා ඉදිකිරීම
ආරම්භ කල දිනය - 2007.03.31
අවසාන කල දිනය - 2009.09.30

පාලම් පිවිසුම් මාර්ග ඉදිකිරීම
ආරම්භ කල දිනය - 2009.08.10
අවසාන කල දිනය - 2010.01.22

වර්තමාන තත්වය

සියළු වැඩ නිම කර ජනතා අයිතියට පවරා ඇත.

ප්‍රතිලාභීන්

පොදු මහජනතාව සහ විශේෂ කොට පාලම්වලින් යාකෙරෙන ගම්වල ප්‍රදේශවාසීන්.

ලත්පඳුර 10/2 පාලම, ලත්පඳුර 4/5 පාලම සහ ‍‍මෝල්කාව පාලම

පාලින්ද නුවර හා බුලත්සිංහල ප්‍රාදේශීය ‍‍ලේකම් ‍‍කොට්ඨාශවලට අයත් ලත්පඳුර හා මෝල්කාව ගම්වාසීන්.

වෙරළුගස්තොටුපල පාලම

බුලත්සිංහල හා මදුරාවල ප්‍රාදේශීය ‍‍ලේකම් ‍‍කොට්ඨාශවලට අයත් ‍‍ප්‍රොසෙස්ට හා ‍‍ගෝවින්න යන ගම්වල ගම්වාසීන්.

හිරණ පාලම

පානදුර හා බණ්ඩාරගම ප්‍රාදේශීය ‍‍ලේකම් ‍‍කොට්ඨාශවලට අයත් හිරණ හා කි‍ඳෙල්පිටිය ගම්වාසීන්.

වැඩිමනත් විස්තර

මෙම පාලමි 05 කළුතර දිස්ත්‍රික්කයට අයත් ‍‍වේ. එහි පාලම් ව්‍යුහ නිර්මාණ සැලසුම් සැකසීම හා ඉදිකිරීම එම්සීඊ සමාගම (MCE Stahl – und Maschinenbau GmbH & Co.) මගින් සිදු ‍‍ලකෙරුණි. තවද පාලම් වැඩ බිම් හා ප්‍රවේශයන් සැකසීම ඉංජි‍නේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උප‍දේශක කාර්යාං ශය (CECB) මගින් සිදු කරන ලද අතර පාලම් පිවිසුම් මාර්ගප ඉදිකිරීම හා ඇතිරීම ආර්‍.ආර් කන්ස්ට්රයක්ෂන් පුද්ගලික සමාගම [R.R Construction (pvt) Ltd] විසින් සිදු කරන ලදී.

ලත්පඳුර 10/2  සහ ලත්පඳුර 4/5 පාලම් පැවතියා වූ පැරණි පටු යකඩ පාලම් ‍‍ය වෙනුවටත් හිරණ, මෝල්කාව හා වෙරළුගස්තොටුපල පාලම් පැවතියා වූ පාලම් පාරු ‍‍වෙනුවටත් ‍‍මෙම  ව්‍යපෘතිය මගින් ඉදිකරන ලදී.

මාර්ග ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

ව්‍යාපෘතියේ නම

මාර්ග ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

ව්‍යාපෘති විස්තරය

  • ගම්පොල - නාවලපිටිය (AB013) මාර්ගය (කි.මී.0 සිට 17) දක්වා ප්‍රතිසංස්කරණය කිරීම.
  • පේරාදෙණිය - බදුල්ල - චෙන්කලඩි (AA 005) මාර්ගය, ගම්පල - නුවරඑළිය  (කි.මී.21 සිට 75) දක්වා ප්‍රතිසංස්කරණය කිරීම.
  • ගම්පොල - නුවරඑළිය  මාර්ගයේ (AA 005) රම්බොඩ උමං මාර්ගය වැඩිදියුණු කිරීම.

මුල්‍යාධාර සැපයීම

JBIC සහ දේශීය අරමුදල්

ව්‍යාපෘති කාලසීමාව

අවු: 04

වර්තමාන ප්‍රගතිය

2007 ජූනි මස වැඩ අවසන් වී ඇත.

ප්‍රතිලාභ

මෙම A ශ්‍රේණියේ මාර්ගවල පාලම් හා මංතීරු දෙකක් සහිත පාර නිර්මාණය වීමෙන් මෙරට මහ ජනතාවට  ගමනාගමනය සඳහා ගතවන කාලය අවම කරගැනීමට හැකියාව ලැබී ඇති අතර  වාහන භාවිතයට යන වියදම් අඩු වීමෙන් මගී ජනතාවට පහසුවක් සැලසී ඇත. තවදුරටත් ප්‍රදේශවාසීන් සඳහා අවශ්‍ය පහසුකම් නැංවීමට ද මෙම ව්‍යාපෘතිය උපකාර වී ඇත.

ගම්පොල - නාවලපිටිය මාර්ගය

ඉදිකිරීමට පෙර
ඉදිකිරීමෙන් පසු

ගම්පොල - නුවරඑළිය මාර්ගය

ඉදිකිරීමට පෙර
ඉදිකිරීමෙන් පසු

රම්බොඩ උමඟ

නව මන්නාරම පාලම ඉදිකිරීමේ සහ දියමංකඩ ප්‍රතිසංස්කරණ කටයුතු

ව්‍යාපෘතියේ නම

නව මන්නාරම පාලම ඉදිකිරීමේ සහ දියමංකඩ ප්‍රතිසංස්කරණ කටයුතු

ව්‍යාපෘතියේ ස්වභාවය

නව මන්නාරම පාලම ඉදිකිරීම (මැදවචිචිය - මන්නාරම - තලෙයිමන්නාරම (AA 014) මාර්ගයේ අංක.85/1 පාලම සහ දියමංකඩ ප්‍රතිසංස්කරණය)

මූල්‍යාධාර ලැබෙන ආකාරය

JICA සහ දේශීය අරමුදල්

ව්‍යාපෘතියේ කාලසීමාව

අවු. 2 ½

වර්තමාන ප්‍රගතිය

2010 වැඩ අවසන් වී ඇත

ප්‍රතිලාභ

A ශ්‍රේණියේ මාර්ගයක පිහිටි මෙම පාලම හා මංතීරු 2 ක් සහිත දියමංකඩ නිර්මාණය වීමෙන් මෙරට මහජනතාවට  ගමනාගමනය සඳහා ගතවන කාලය අවම කරගැනීමට හැකියාව ලැබී ඇති අතර  වාහන භාවිතයට යන වියදම් අඩු වීමෙන් මගී ජනතාවට පහසුවක් සැලසී ඇත. තවදුරටත් ප්‍රදේශවාසීන් සඳහා අවශ්‍ය පහසුකම් නැංවීමට ද මෙම ව්‍යාපෘතිය උපකාර වී ඇත.

පරණ මන්නාරම පාලම

නව මන්නාරම් පාලම ඉදිකරමින්

ඉදිකිරීමෙන් පසු මන්නාරම් පාලම සහ දියමංකඩ

මන්නාරම් දියමංකඩ ඉදිකිරීමෙන් පසු

මනම්පිටිය පාලම ඉදිකිරීම

ව්‍යාපෘතියේ නම

මනම්පිටිය පාලම ඉදිකිරීම

ව්‍යාපෘතියේ ස්වභාවය

මරදන්කඩවල - හබරණ - ත්‍රිකුණාමලය (AA011) මාර්ගයේ අංක. 82/1 දරණ මනම්පිටිය පාලම ඉදිකිරීම

මූල්‍යාධාර ලැබෙන ආකාරය

JICA සහ දේශීය අරමුදල්

ව්‍යාපෘතියේ කාලසීමාව

අවු. 02

වර්තමාන ප්‍රගතිය

2007 සැප්තැම්බර් මස වැඩ අවසන් වී ඇත.

ප්‍රතිලාභ

A ශ්‍රේණියේ මාර්ගයක පිහිටි මෙම පාලම නිර්මාණය වීමෙන් මෙරට මහජනතාවට  ගමනාගමනය සඳහා ගතවන කාලය අවම කරගැනීමට හැකියාව ලැබී ඇති අතර  වාහන භාවිතයට යන වියදම් අඩු වීමෙන් මගී ජනතාවට පහසුවක් සැලසී ඇත. තවදුරටත් ප්‍රදේශවාසීන් සඳහා අවශ්‍ය පහසුකම් නැංවීමට ද මෙම ව්‍යාපෘතිය උපකාර වී ඇත.

තවද මහාමාර්ගයට සහ දුම්රිය සේවයට තිබූ පොදු මාර්ගය වෙනුවට වෙන් වෙන්ව භාවිතා කළහැකි මාර්ග ලැබීමෙන් මගීන්ගේ පහසුව සැලසී ඇත.

මනම්පිටිය පාලම ඉදිකෙරෙන අතරතුර

ඉදිකිරීම් නිමාවු මනම්පිටිය පාලම

සුනාමි පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය (නැගෙනහිර පළාත)

ව්‍යාපෘතියේ නම

සුනාමි පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය (නැගෙනහිර පළාත)  දියමංකඩ ප්‍රතිසංස්කරණය

ව්‍යාපෘතියේ ස්වභාවය

  • කොළඹ - රත්නපුර - වැල්ලවාය - මඩකලපුව (AA004) මාර්ගයේ අංක.334/2 කෝමාරි දියමංකඩ ප්‍රතිසංස්කරණය
  • කොළඹ - රත්නපුර  -වැල්ලවාය - මඩකලපුව (AA004) මාර්ගයේ අංක.396/3 පෙරිය කල්ලාරි  දියමංකඩ ප්‍රතිසංස්කරණය
  • කොළඹ - රත්නපුර - වැල්ලවාය - මඩකලපුව (AA004) මාර්ගයේ අංක.398/1 කොඩිය කල්ලාරි දියමංකඩ ප්‍රතිසංස්කරණය

මූල්‍යාධාර ලැබෙන ආකාරය

JICS

ව්‍යාපෘතියේ කාලසීමාව

අවු.02

වර්තමාන ප්‍රගතිය

2007 මාර්තු මස වැඩ අවසන් වී ඇත

ප්‍රතිලාභ

A ශ්‍රේණියේ මාර්ගයක පිහිටි මෙම පාලම් හා මංතීරු 2 ක් සහිත දියමංකඩ නිර්මාණය වීමෙන් මෙරට මහජනතාවට  ගමනාගමනය සඳහා ගතවන කාලය අවම කරගැනීමට හැකියාව ලැබී ඇති අතර  වාහන භාවිතයට යන වියදම් අඩු වීමෙන් මගී ජනතාවට පහසුවක් සැලසී ඇත. තවදුරටත් ප්‍රදේශවාසීන් සඳහා අවශ්‍ය පහසුකම් නැංවීමට ද මෙම ව්‍යාපෘතිය උපකාර වී ඇත.

කෝමාරි දියමංකඩ

ඉදිකිරීමට පෙර
ඉදිකිරීමෙන් පසු

පෙරිය කලාර් දියමංකඩ

ඉදිකිරීමට පෙර

ඉදිකිරීමෙන් පසු

කොද්දයිකලාර් දියමංකඩ

ඉදිකිරීමට පෙර
ඉදිකිරීමෙන් පසු
සුනාමි පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය (දකුණු පළාත)

ව්‍යාපෘතියේ නම

සුනාමි පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය (දකුණු පළාත)

ව්‍යාපෘතියේ ස්වභාවය

  • කොළඹ - ගාල්ල - හම්බන්තොට - වැල්ලවාය (AA002) මාර්ගයේ අංක.91/2 දරණ අකුරල පාලම
  • කොළඹ - ගාල්ල - හම්බන්තොට - වැල්ලවාය (AA002) මාර්ගයේ අංක.96/3 දරණ සීනිගම පාලම
  • කොළඹ - ගාල්ල - හම්බන්තොට - වැල්ලවාය (AA002) මාර්ගයේ අංක.119/4 දරණ මාගල්ල පාලම
  • කොළඹ - ගාල්ල - හම්බන්තොට - වැල්ලවාය (AA002) මාර්ගයේ අංක.137/1 දරණ ගොවියාපාන පාලම
  • කොළඹ - ගාල්ල - හම්බන්තොට - වැල්ලවාය (AA002) මාර්ගයේ අංක.145/5 දරණ වැලිගම බෝක්කුව

මූල්‍යාධාර ලැබෙන ආකාරය

JICS සහ දේශීය අරමුදල්

ව්‍යාපෘතියේ කාලසීමාව

අවු. 02

වර්තමාන ප්‍රගතිය

2007 ජනවාරි මස වැඩ අවසන් වී ඇත

ප්‍රතිලාභ

A ශ්‍රේණියේ මාර්ගයක පිහිටි මෙම පාලම් සුනාමි ව්‍යසනයෙන් පසු නැවත නිර්මාණය වීමෙන් මෙරට මහජනතාවට  ගමනාගමනය සඳහා ගතවන කාලය අවම කරගැනීමට හැකියාව ලැබී ඇති අතර  වාහන භාවිතයට යන වියදම් අඩු වීමෙන් මගී ජනතාවට පහසුවක් සැලසී ඇත. තවදුරටත් ප්‍රදේශවාසීන් සඳහා අවශ්‍ය පහසුකම් නැංවීමට ද මෙම ව්‍යාපෘතිය උපකාර වී ඇත.

අකුරල පාලම

ඉදිකිරීමට පෙර
ඉදිකිරීමෙන් පසු

සීනිගම පාලම

ඉදිකිරීමට පෙර
ඉදිකිරීමෙන් පසු

මාගල්ල පාලම

ඉදිකිරීමට පෙර
ඉදිකිරීමෙන් පසු

ගෝවියාපන් පාලම

ඉදිකිරීමට පෙර
ඉදිකිරීමෙන් පසු

වැලිගම බොක්කුව

ඉදිකිරීමට පෙර
ඉදිකිරීමෙන් පසු

නැවුම් පුවත්

left direction
right direction